Monday, May 1, 2017

කපුටා

මං පුංචි සන්දියේ
හිරිගඩු පිපෙන සීතල උදෑසන
ගෙමිදුලේ ජම්බු ගහ මුදුනේ සිට
නෑයින් ගෙට එන වග කීවේ නුඹ

හරියටම උදේ හතයි තිස් හතරට
ලොකුපුතා පැමිණි වග
දොරකඩ කොස් ගහ මුදුනේ සිට
කලියෙන්ම කීවේ නුඹ

ඔබා පැණි මුට්ටියේ මුළු හිසම
හොරෙන් පැණි කෑ නුඹේ මල්ලී
හරියටම අවුරුදු හතකට පෙර
මහා කොළඹ ගිනිකාස්ටක මද්දහනේ
ගෙයි එළිපත්තටම ඇවිත් කීවේ
"තවත් සරමක් - තවත් සරමක්"

හිරිගඩු පිපෙන සීතලේ ගල් ගැහුන
රෑටත් රෑ නොවන - උදේටත් පෙර එළිය වන
විපරීත මේ බිමේ - කිසිදු නෑයෙක් නොඑන
ම පුතුන් හා තනි වූ මොහොතේ

වින්ඩ්සර් නුවර මැද සුදු ම සුදු
ඉංග්‍රීසි වැස්ස මැද
කලු ම කලු කපුටා
පිළිකන්නේ පොප්ලර් ගහ මුදුනේ සිට
සිංහලෙන් කතා කර අහනවා

"නෑ ගම් යන්නේ කවදාද? "

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...