පින්වතුනි
අද පින්බිමක් වූ
මේ සුවිසල් මන්දිරය
වෙන්න තිබුනා
පවුකාරයින්ට ආයුධ ගන්නට
මුදල් සපයන ආදායම් මඟක්
අපේ පින්වත් මැතිතුමා
දුර දිග කල්පනා කර
අත්හිටෙව්වේ නැතිනම්
ද්විත්ව පුරවැසිභාවය
කැනඩාවේ ඉන්නා
කොටි නියෝජිතයින්ගේ
අපි මේ අසපුව
නම් කරනවා ඒ දමිල පින්වතාගේ නමින්
කොටින් අතින් දඩයම් වූ
පළමුවරට
දැන් මේ පළාතේ දමිල පින්වතුනට
හැකියි ඇති තරම් පින් දහම් කරන්නට
උවමනා නැත යන්න "ලිංගම්" වන්දනාවේ
අපට පුළුවනි කියා තහනම් කරන්නට
අපේ සංස්කෘතික අමාත්‍ය උපාසක මහතාට
සියලු අසැබි සංකේත
රැක ගන්නට අපේ නිර්මල සංස්කෘතිය
පළමු මංගල බණේදීම
මං යෝජනා කරනවා මේ පින්වතුනට
ලබා දෙන ලෙස
සිංහල බෞද්ධ පත පොත
යවන්නට යාපනයේ පුස්තකාලයට
පාදඩයින් විසින් ගිනි තැබූ
අප විසින් පිළිසකර කරවූ
පුළුවන් වේවි නොවැ
ඒ දමිල සුපින්වතුන්
කරන්න සිංහල බෞද්ධයින්
අපේ මේ පින්වත් මහැදුරුතුමාට
පුරුතුගිසිනුත් සිංහල කළ හැකි
අවැසි නැති වෙනස් කරන්නට
නම් වාසගම් කිසිවක්
අපේ මේ පඬිතුමා
දේවි හෙළ නිරුක්ති
ඒ හැම නමකටම
අපට පුළුවනි වදාරන්න
සාමයේ බුදුබණ
යුද්ධය වෙනුවට
ඉන් පසුව
කිසිම භේදයක් නැතිව
සිංහලෙන්
ලියැවුණු කවි සහ කතන්දර පමණක් එක තැනකට එකතු කිරීමේ අරමුණින් මේ අඩවිය පවත්වා ගමි. එසේ වුවද කැමැත්තෝ කියවත්වා!
Subscribe to:
Post Comments (Atom)
අඩුව
නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...
-
මිනිහෙක් තවත් මිනිහෙකුගේ මස් කෑම කෙතරම් පිළිකුල් සහගත වැඩක්ද? ඒත් බොහොම ඉස්සර, ගෝත්‍රිකයින් එකිනෙකා එක්ක සටන් කරපු කාලෙ, උන් උන් අනික් වර...
-
ඔහෙලා අහලා ඇති කපුටෙක් රවටලා කේජු කෑල්ලක් කොල්ලකාපු නරියාගේ කතාව. කේජු කෑල්ලකට පොර කෑ බල්ලෙකුවයි බළලෙකුවයි රවටලා ඒ කේජු කෑල්ල කාපු වඳුරගේ...
-
එකෝමත් එක කාලෙක, සමහරවිට අද වගේම එකෝමත් එක කාලෙක, එක මුහුදුබඩ ගම්මානයක් තිබුණා. ඒ ගම්මානය මැදින් පුංචි ගංගාවක් ගලාගෙන ගිහින් මුහුදට වැටුණ...
No comments:
Post a Comment