Monday, May 1, 2017

මොනරි

අවිච්චියා හඬ තලයි අළුයම
රහමෙරින් බැරැන්ඩි වූ හඬින්
නැවත ඉල්ලා තුටු පඬුරු
වසන්තයේදී මොනරියට දුන්

ගුවන්තොටෙහි පොළොව අමදින මුත්
ගෙලට ඉහළින් ගුවනින් යන
මොනරියගේ උජාරු වත
කලුවන්ව හැකිළෙයි ඒ හඬින්

කිසිදු වෙහෙසක් නොගෙන
රකින්නට තම පියඹ
මුනිවත රකියි කිසිවක් නොඇසුනසේ
තැම්බී හෙම්බත් වූ සිංහයා
වැඩපොළෙහි මද්‍යසාර වාෂ්පයෙන්

මොනරියගේ වසන්තය
ඇඟලුමට මාරුකළ
අවිච්චියා හඬ තලයි මත්ව
රහමෙරින් සිංහයා සපයන
මොනරිය බැනවදියි සිහින් සරින්
එරෙහිව මද්‍යසාරයට


No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...