Monday, May 8, 2017

මීතොටමුල්ල කසල මහා සෑය

මහ කොළඹ මහ ඇමති
ගෙනැවිත් ඇත කදිම යෝජනාවක්
කුණු කන්ද වෙනුවට
නාගරික උද්‍යානයක්

සුවඳ හමන මල්ගොමුවලින් සැදි
පෙම්වතුන්ට අත් පටලා
පැද කුණු කළ හැකි
සක්මන් මලුද
සිත් සේ සැඟව සිට
රමණය කළ හැකි
තුරු වදුලු වලින් ද සැදි
මනරම් උද්‍යානයක්

එහෙත් ඇත පොඩි කණස්සල්ලක්
කුණු කන්දට යටව ගිය උන් ගැන
මල්ගොමු කෙසේ පිපුණද
පෙම්වතුන් සක්මන් කරන්නේද
රමණය කරන්නේ ද
ඒ අහිංසකයින්ගේ
දෙන මත නැගී නොවෙද?

ඇත මටත් යෝජනාවක්
කරන්නට අපේ
මහ කොළඹ මැතිතුමාට
හැකියාවක් ඇත්නම් සළකා බලන්නට

කුණුගොඩ සමතලා කොට
උද්‍යානයක් හදනවා වෙනුවට
ඒ කන්ද යට කොට
බඳිමුද මහා සෑයක්
අහිංසකයින්ගේ ආරාමය වැනි

මේ සුවිසල් කුණු කන්ද
ජේතවනාරාමයටත් වඩා උස
ඔබව ගෙනයාවි
ගිනස් පොතේ පිටු අතරටත්

ඕනෑ නම් ඔබට හැකිවේවි
අණ පනත් ගේන්නට
දුටුගැමුණු රජතුමා
පැමිණුවා සේ
දෙමළ මහා සෑයේ
එළාර සොහොනට

මේ මහා සෑය අසලින් යන විට
නැගිට ආචාර කළ යුතුය පුරවැසියන්

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...