නගරය මැද මහපාර අයිනේ ඉටිරෙදිවලින් තැනි ආරාමයක වැඩවසන
මෙහෙණින්වහන්සේ නමක්
- දිවයින පුවතක්
ගැහැණු අරගෙන නොගියෝ
දැන් මේ ලොව තාපසියෝ
සිනාසෙත්ලු පුරවැසියෝ
(පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය 172 කව )
දෙනෝ දාහක් යනෙන මහ මගෙහි මුව දොරෙහි
සැමට විනිවිද පෙනෙන ආරාමයෙහි වැඩ වෙසෙන
මෑණියනි
වසර දෙදහසකිනුත් ඉක්බිති ව
දොරගුල් ලා රැකි ශාසනයෙන්
පිටමං කළ
අඟ පසඟ අතගා වරෙක එකිනෙකා ලෙස
පෝලිමේ සීරුවට ගොස් පසඟ පිහිටුවා වඳින
දඹරන් පිළිම හා රන්මුවා කරඬු ද
මුතු මැණික් එබ්බවූ
අගුල් ලා මුර කරන ද්වාර දොරටුව
සද්දන්ත පිත්තල යතුරින් වැසුණු
පීත පාණ්ඩු රක්ත ඈ නේක වර්ණයෙන් බබලන
සිවුරු පටින් හා දිළිසෙන මේද ස්තරයෙන් වැසුණු
මුරදේවතාවුන්ගේ සෙවනෙහි
වසර දෙදහසකිනුත් ඉක්බිති ව
දොරගුල් ලා රැකි ශාසනයෙන් පිටුවහල් කළ
දෙනෝදාහක් යනෙන මහ මගෙහි මුව දොරෙහි
සැමට විනිවිද පෙනෙන ආරාමයෙහි වැඩ වෙසෙන
මෑණියනි
ස්වර්ණමාලී පරපුරෙන් පැවත එන
මිහිමවගෙ පපු කැනති සූරා
බඩ වඩන්නට අකමැති වූ හෙයින්
සට කපට කම් වලින් විමානයෙන් ඇද දමා
සැඩොල් කුලයට ම
රන් රිදී මැණික් මැදි කොට දාගැබක් ඉදි කළ
දුෂ්ට ගාමිණියනට පුරෝහිත කම් කළ
බුද්ධ පුත්‍රයින්ගේ පරපුර
ඔබ ඉටිකොල ආරාමයක
ගාල් කිරීමේ අරුමය කිම?
එහෙත් මෑණියනි
දෛවය සරදම් කරන්නේ
එක් වරක් නොවේ මැයි
කාලය පෙරැළිය හැකියි
නොසිතනා නිමේෂයෙන්
සාලිය කුමාරයා
මාතෘ වන්දනාවට ගියා සේ
No comments:
Post a Comment