Tuesday, May 2, 2017

සුළඟ සමග

සුළඟ සමග




















පිළිකන්න කෙලවර අරක්ගත්
සද්දන්තයෙකු සේ නැගී සිටි
යූධ පොප්ලර් ගස
බෝධියක් ම විය අපට

ගිම්හානයේ වියලි සුළඟින්
සෙලැවෙන තුරු පතින් නැගුනේ
ගමේ බෝධිය අබියස ඇසුණු
බෝ පත්වලින් එන සිලි සිලියමය

පාරජම්බුල කිරණින් සරු
සම දවන සැඩ හිරු රැසින්
තැවුණු ගත නිවන්නට
සුළඟ සමග ගෙන එන්නේ
බෝ මළුවේ දී ලත් සිසිලසමය

ගසේ අතු පුරා ඉපිද
දහසක් පත් තරමට ම
පිරී පහළට බර වී
හඬන්නට ඇඟිල්ලෙන් අනින තුරු
බලා සිටින ස්ඵෝටකයන්
ග්‍රිෂ්මයේ තාපයට පුපුරා
වගුරවන කෙලක් වූ බීජ
ගිම්හානයටත් වට හිම වැස්සක් සේ
මුළු පොළොව ම බදා බදු ගත් දිනයේ

පිරිසිදු කම අකුරට ම රැකි
මගේ අසල්වැසියා
කුණුහරුප වනපොත් කරන විට
කෝප විය
පොප්ලර් ගස වෙනුවෙනුත්
බෝධියට ඇති මගේ භක්තිය

වැඩෙන්නට ඉඩ නොදෙන
නොගැළපෙන පොළොව මත
පතිත වූ
කෙලක් වූ මුදාහළ බීජ
පණ අදියි වැඩෙන්නට විලි ලමින්
කියා දෙන්නට
බෝධියට අමතක වූ පාඩමක්

සුළඟ හා ගසාගෙන
නොරට පාවී ආ
අපට

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...