Monday, May 8, 2017

The Messanger

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

රෑ දෙගොඩයාමයේ
නිදා ඉන්නා විටදී
ඇහැරවා
"සුභ උදෑසනක්!"
කියන්නට උනන්දු වන
ලෝකයේ අනෙක් කෙලවර ඉන්නා
නාඳුනන මිනිසුනුත්
මුණ ගැහෙන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

පොතක් පතක් හොයා ගන්න
දැනුම උරගා බලන්න
නොදැකපු යාළුවනුත්
විටින් විට ඇවිත් එබෙන
"ඇයි දැන් ලියන්නේ නැත්තේ?"
ආදරයෙන් අහන

කවියේ පතාක යෝධයෙක්
හිතන්න බැරි වෙලාවක
හිතන්න බැරි විදිහට
කවි ගැන නොදන්නා මවෙත
ලියූ අලුත් කවියක් දික්කර
"මේ ගැන මොකක්ද හිතෙන්නේ
සහෝදරයා?" කියා අහන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

විටෙක ගැහැණු වෙස් ගෙන
ස්ත්‍රීලෝලිත්වය
අණ්වීක්ෂයකට ගන්නා හදන
නොපෙනෙන පිරිමි ඇඟ
හංගා ගත් පිරිමි
හමුවන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

මහළු මිනිසුන්ට ආදරය කරන
ආදරය වැඩිකමට
සැඟවුණු පුරුස කය
රහසින් පෙන්නන්නට තනන
පිරුණු මස් පිඬු නටවමින්
කායවර්ධන ව්‍යායාමයේ යෙදෙන
තරුණ පිරිමින් හමුවන

මේක හරි පුදුම තැනක්
ලෝකයම එක විටෙක
එක මිටකට ගත හැකි
ඇසිල්ලකින්

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...