Monday, May 8, 2017

අඩුව

නෑ-සිය හිත-මිතුරන්
පවුල් අවුල්
රැකියාවේ අවනඩු
සියල්ල හැරපියා
නොරට ආවෙමි

පිසින ලද බත් ඇත්තෙමි
ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම
ලැබේ සිසිරය පුරා
රියගාල පිරී ඇත
සුව පහසු රියවලින්
පවුලේ එක් අයෙකුට එක බැගින්

එහෙත් නලියයි මසිත
ලතැවුලක්
සිවුරු හැර ගිය හීරලුවකු
නැවත සසුනට යා නොහැකිව
ලතවන්නා සේ

ඇත්නම් බුලත් විටක්
යහමින් හුනුත් දුම්කොලත් යොදා
විවර කොට හිස් කරන්නට හැකි
සියලු ස්රෝතසුන්

ගසන්නට හොඳවයින් කෙලපාරක්
මිදුල හරහා
රතුම රතු

No comments:

Post a Comment

අඩුව

නෑ-සිය හිත-මිතුරන් පවුල් අවුල් රැකියාවේ අවනඩු සියල්ල හැරපියා නොරට ආවෙමි පිසින ලද බත් ඇත්තෙමි ඇවිලෙන ගිනි මැලයෙහි උණුසුම ලැබේ සිසිරය ...